සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ප්රතිලාභ ප්රදානය කෙරේ
හිඟ මුදල් සමග මාසික විශ්‍රාම වැටුපක් ජිවිතාන්තය දක්වා ලබා ගැනීමට අදාළ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් පොත ප්රදානය කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි 2026.01.01 වන දින සිදුකරන ලදි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් හා ස්වදේශ කටයුතු අතිරේක ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ප්රතිලාභ ප්රදානය සිදුකෙරිණි.
මෙම අවස්ථාවට කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) කාංචනා ගුණවර්ධන මහත්මිය,කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) නදීකා කෞශල්‍යා කුමාරි මහත්මිය,එදින රාජකාරි අරඹන ලද නව සහකාර දිස්ත්‍රික් ලේකම් එන්.ශේෂාදරී පතිරණ මහත්මිය,බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී ඩි.එම්.එස්.කේ.කේ.දසනායක සහ කොළඹ දිස්ත්‍රික් භාර සම්බන්ධිකරණ නිලධාරී ඉසුරි පෙරේරා මෙය සහභාගී විය.
මීට සමගාමීව කොළඹ, දෙහිවල, මහරගම, පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාල විසින් ද අභිනව වසරේ ප්‍රථම සමාජ ආරක්ෂණ බදවාගැනීමට ආදාළ සාමාජිකත්වය ලබාදීම සහ වාරික මුදල් ගෙවීම් පොත් හා කුවිතාන්සි ප්රදානය ප්‍රාදේශිය ලේකම්වරුන් විසින් සිදු කරන ලදී.
