මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ධීවරයින් 11ක් නාවික හමුදා භාරයට – පහන් සිතුමිණ

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිතර වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා විසින් සිය භාරයට ‍ගෙන ඇත.

නාවික හමුදාව ඊයේ (1) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යාපනය – කරේනගර් මුහුදු සීමාවේදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු බුද්ධික සම්පත් මහතා පැවසීය.

මෙහිදී සැකකරුවන් ගමන්කළ යාත්‍රාවක් සහ මසුන් ඇල්ලීමට භාවිතා කරන උපකරණද නාවික හමුදාව විසින් සිය භාරගෙන ගෙන ඇත.

මේ වනවිට ඉන්දීය ධීවරයින් කන්කසන්තුරේ නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති අතර, ඔවුන් ඉදිරි විමර්ශන සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *