වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්ම ඇමති ප්‍රධානත්වයෙන්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්මපශු සම්පත්ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ.  මෙහිදි 456 දෙනෙක් පත්වීම් ලබා ගන්නා ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්මපශු සම්පත්ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.

“එළඹෙන වසර සතුටින් අරඹන්න ඔබට අවස්ථාව උදා වෙනවා රජයේ පත්වීමක් අද ලැබුණු නිසා. රජය කියන ආයතනයට තමයි ඔබ මේ ස්ථීර පත්වීම ලබන්නේ. තවත් පැත්තකින් ඉන්නවා ජනතාව. රජයආණ්ඩුවජනතාව කියන්නේ කොටස් තුනක්. ආණ්ඩුව සහ රජය ජනතාවට සේවය කළ යුතුයි. මේ දවස්වල ඇතැම් මාධ්‍ය මතයක් ගොඩ නගන්න උත්සාහ කරනවාඉස්සර නම් පගාව දීලා වැඩක් කරගන්න තිබුණා. දැන් පගාව දෙන්නත් බැහැ. වැඩක් කරගන්නත් බැහැ කියලා. එතනින් කියන්න උත්සාහ කරන්නේ රාජ්‍ය සේවයෙන් වැඩක් ගන්න නම් පගාව දිය යුතුයි කියන එක. රාජ්‍ය සේවය වගකීමෙන් සහ වේගයෙන් වැඩ කරන බවට මේ ගතවන කාලය තරම් සමාජය තුළ අදහසක් හදපු කාලයක් තවත් නැහැ. සුළි කුණාටුවත් එක්ක ඇළහැර අමුණ විනාශ වුණා. අක්කර ලක්ෂයක් විතර මේ එන මාස් කන්නයේ වගා කරන්න බැහැ මේ අමුණ හදන්නේ නැත්නම්. මාස් කන්නයේ වගා කිරීමට ඇළහැරෙන් මේ අපි කතා කරන මොහොත වෙනකොට වතුර ගලාගෙන යනවා. වැලි කොට්ට ගහලා තාවකාලිකව වතුර දෙන්න පුළුවන් තරමට හදලා තියෙනවා. ස්ථීරව හදා ගන්න ටිකක් කල් යයි. කවුද මේක මෙච්චර ඉක්මනින් කළේමේක කළේ රජය. රජය කාර්යක්ෂම නැත්නම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඇළහැර වතුර දෙන මට්ටමට සකස් කළේ කොහොමදරජයආණ්ඩුවජනතාව එකතු වෙලා ජාතික ඉලක්කයක් සපුර ගන්න වැඩ කරලා තියෙනවා.

 වැඩ වෙන්නේ නැත්තේ අපේ රටේ සමහර මාධ්‍යවලට තමයි. තවම හදන්න බැරිවුණු දෙයක් තමයි අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය. ඒගොල්ලන්ට අනුව ඇළහැර හැදිලා නැහැ. ගොවීන්ට වන්දි ගෙවලා නැහැ. ආණ්ඩුව මුකුත් කරන්නේ නැහැ. රජය මුකුත් කරන්නේ නැහැ. ඔවුන්ට අනුව මේ රටේ ධනාත්මක දෙයක් වෙන්නෙම නැහැ. කිසිම දේශපාලන මැදිහත්වීමක් නැතුව අද මේ පත්වීම් හම්බවෙනවා. එය අගය කළ යුතුයි. ඒවා වැදගත් සංස්කෘතීන්. දේශපාලන බලපෑමක් නැතුවදේශපාලඥයාගේ ලියුම් නැතුව රාජ්‍ය සේවයට බැදෙන එක හොඳ දෙයක්. හැබැයි ඒක හොඳ සංස්කෘතියක් බවට පත් කරන්න ඕනේ. දෙයක් සංස්කෘතියක් බවට පත්වෙන්න නම් එය අඛණ්ඩව සමාජය තුළ සිදුවිය යුතුයි.

දිත්වා සුළි කුණාටුවෙන් සිදු වුණ විපත මේ තරම් ඉක්මනට නැවත සකස් කරගන්න ලැබෙන්නේ නැහැ. රාජ්‍ය සේවකයෝ දවසක් වැඩ නැවැත්තුවොත් එදාට ජනතාව කියයි රාජ්‍ය සේවකයෝ වැඩ කරලා තියෙනවා කියලා. රාජ්‍ය සේවකයෝ වැඩ කරනවා. හැබැයි රාජ්‍ය සේවයේ හැදෙන්න දේවල් ගොඩකුත් තියෙනවා. අද පත්වීම් ලබා ගත් ඔබ කල්පනා කළ යුතුයිමගෙන් කිසි දවසක රාජ්‍ය සේවයට අගෞරවයක් නොවිය යුතුයි කියලා. ලෝකේ අනෙක් රටවල් අපේ රටේ රාජ්‍ය සේවය අගයන තත්ත්වයක් ඇති කළ යුතුයි.

අපේ රටේ ඇත්ත කියනශිෂ්ට සම්පන්නබොරු අර්ථ නිරූපණ නොදෙන ජනමාධ්‍ය සංස්කෘතියක් හදන්න ඔබ සටන් කළ යුතුයි. සමාජයේ ජනමතය හසුරුවන ප්‍රධානම එක ජනමාධ්‍ය නිසා ඒකේ ජාතිවාදය තියෙන්න බැහැ. බොරුව තියෙන්න බැහැ. ඉස්සර සමාජය තුළ මතයක් තිබුණාමුද්‍රිත අකුරු නම් ඇත්ත කියලා. පත්තරය කියන්නේ ඇත්ත. දැන් එහෙම නැහැ. විද්යුත් නාලිකාත් එහෙමයි.

රාජ්‍ය සේවය තුළ අපට තියෙනවා ජාතික වගකීමක්රට ගොඩ නගන්න. ඒකෙදි රාජ්‍ය සේවයදේශපාලනයජනමාධ්‍ය අත්‍යවශ්‍යයි. කාලයක් ජඩ දේශපාලනය කිව්වා වගේ තාමත් තියෙන තත්ත්වයක් තියෙනවා ජඩ මාධ්‍ය. රාජ්‍ය සේවයදේශපාලනය වගේම ජනමාධ්‍යත් අපි විසින් සකස් කළ යුතුයි.”

මෙහිදී ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා ද අදහස් පළ කළේය.

“ දිත්වා සුළි කුණාටුව නිසා වාරිමාර්ග අංශයට තමයි ලොකුම අභියෝගය තියෙන්නේ. ඒ අභියෝගයේ කොටස්කාරයෙක් වෙන්න අද දින පත්වීම් ලැබූ ඔබට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අපි රාජ්‍ය සේවයට බඳවා ගත් කිසිම තනතුරක් සඳහා දේශපාලනිකව මැදිහත් වුණේ නැහැ. කාටවත් පත්වීම් හදලා දෙන්න මැදිහත් වුණේ නැහැ. ඒක රටට හොඳ පණිවුඩයක්. ඔබ පත්වීම් ලබන්නේ අන්න ඒ විනිවිදභාවය ඇතුළේ. මේ තමයි අපි රට ඇතුළේ ප්‍රතිපත්තිමය වශයෙන් ගත්ත තීන්දුවල ප්‍රතිඵලය. අද දින වාරිමාර්ග දෙපාර්තමේන්තුවට එකතු වුණු ඔබ මේ පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමේදී ඔබට පැවරුණු වැඩ කොටස ධෛර්යයෙන් සිදු කරන්න. තනතුරු පුරප්පාඩු සපුරමින් රාජ්‍ය යාන්ත්‍රණයක් නිර්මාණය කරන්න අපි ආණ්ඩුවක් විදිහට කටයුතු කරමින් ඉන්නවා. එතනදි අපි හැමෝම එකතුවෙලා ඒ අභියෝගය ජයග්‍රහණය කරමු.”

මෙම අවස්ථාවට කෘෂිකර්මපශු සම්පත්ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතාවාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඉංජිනේරු කිත්සිරි වැලිගෙපොලගේ මහතා සහ නිලධාරීන් සහභාගී විය.

END/GONP/MMP/31122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *