දිට්වා සුළි කුණාටුවෙන් තදින් ම බැට කෑ වෙළෙඳ කලාප සංක්‍රමණික සේවකයින්
ශ්‍රී ලාංකීක ජනතාව කිසිසේත් අපේක්‍ෂා නොකළ, අති දැවැන්ත ස්වභාවික ව්‍යසනයකට මුහුණ දෙන්නට සිදුවිය. එය, 2004 වසරේ දෙසැම්බර් මස 26 වෙනි දා උද්ගත වූ උතුර , නැගෙනහිර සහ දකුණට පමණක් බලපෑ සුනාමි ව්‍යසනයට වඩා හාත්පස විශාල, ගැඹුරු සහ දරුණු ස්වභාවික ව්‍යසනයක් මෙන් ම දරන්නට නොහැකි තරමේ විපතකි. සුනාමිය සීමිත පළාත් කිහිපයක් අතර පමණක් ව්‍යාප්තව හටගත් අතර, දිට්වා සුළි කුණාටුව ලංකාවේ දිස්ත්‍රික්ක 25 න් දිස්ත්‍රික්ක 03ක් පමණක් බේරා දමා ඉතිරි දිස්ත්‍රික්ක 23ට ම විපත් කළේය.
ඇස්තමේන්තු වලට අනුව, දෙසැම්බර් 19 වන දින වන විට, සුළි කුණාටුව මිලියන 1.79 ක ජනතාවකට බලපා ඇති අතර, පුද්ගලයින් 643 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර 183 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇත. මානුෂීය ආධාර අවශ්‍ය පුද්ගලයින් මිලියන 1.2 ක් සිටී. එමෙන්ම,
රට පුරා නිවාස 110,518 ක් අර්ධ වශයෙන් හානි වී ඇති අතර 6,288 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. පුද්ගලයින් 272,536 ක් අභ්‍යන්තරව අවතැන් වී ඇත. (දෙසැම්බර් මස 29 වන දා ReliefWeb විසින් නිකුත් කළ දත්ත – https://reliefweb.int/report/sri-lanka/iom-sri-lanka-cyclone-ditwah-situation-report-24-december-2025)
කටුණායක ස්ටෑන්ඩ් අප් ආයාතනයේ විධායක අධ්‍යක්‍ෂිකා අශීලා දංදෙණිය ප්‍රකාශ කළේ ක්‍ෂණිකව කඩාවැටුණු අධික වර්ෂාව සහ ගංවතුර වෙළෙඳ කළාපයේ සේවය කරමින් සිටින සංක්‍රමණික කම්කරු සේවක පිරිසට දැඩි පහරක් එල්ල කළ බවයි.
“සමස්ත වෙළෙඳ කළාපයේ සේවය කරන්නනේ අති බහුතරය පිට පළාත්වලින් පැමිණි පුද්ගලයින්. ඒ අයගේ කියලා කළාපයේ කිසිම ඥාතියෙක් නැහැ. සියලුම දෙනා ජීවත්වෙන්නේ තාවකාලික කාමරවල, බෝඩිං කාමර හෝ ගෙවල්වල. අත්‍යවශ්‍යම බඩු-භාණ්ඩ ටිකක් ඒ පුංචි කාමරයේ තියා ගන්නවා. ඒක තමා ඒ අයගේ ධනය, දේපල. නමුත් මේ බලාපොරොත්තු නැතිව කක්‍ෂණිකව ඇතිවුණු වර්ෂාව සහ ගංවතුර ඒ මිනිස්සුන්ගේ සියලුම ධනය විනාශ කළා. බහුතරයක් සේවකයින්ට ඇඳිවත පමණයි ඉතිරි වුණේ. අඩි 6 ක් 7ක් උසට ගලපු ගංවතුරින් සියල්ල අහිමි වුණා.” “සහෝදරත්වයේ පාලම” සහ “සුභසාධන මධ්‍යස්ථානය” යන අපගේ කාර්යාල අවකාශ දෙක වගේම, අපගේ කාර්යාලය , භුමිය හැකි උපරිමයෙන් ගංවතුරට මුහුණ දී යන – එන තැනක් අහිමිව සිටී අවතැන් වූ කලාපයේ සංක්‍රමණික සේවකයින් සඳහා තාවකාලික සෙවනක් බවට අපි පරිවර්තනය කළා” යැයි අශිලා දංදෙණිය පැවසීය.

අධ්යක්ෂිකා චමිලා තුෂාරී ද මානව විමුක්තිය උදෙසා සංවර්ධන සංවිධානය (රෙඩ් ආයතනය) විධායක අධ්‍යක්ෂිකා චන්ද්‍රා දේවණාරායන ද ප්‍රකාශ කළහ.තවද, ගංවතුර බැස ගොස් තත්ත්වය ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්වෙමින් පැවතිය ද, තීරණාත්මක අභියෝග කිහිපයක් පවතින බව ඔවුන් පෙන්වා දුන්නේය. ඔවුනට අනුව, වඩාත්ම දැවෙන ගැටළුව වන්නේ, මහජන සෞඛ්‍යය පවත්වා ගැනීම සහා මූලික ජීවන තත්වයන් යථා තත්ත්වයට පත් කරගැනීමයි. රෝග වැළැක්වීම සඳහා ජලයෙන් යට වූ නිවාස පුළුල් ලෙස පිරිසිදු කිරීමේ හදිසි අවශ්‍යතාවයක් ව පවතී. එකතැන පල්වෙන ජලය, මදුරුවන් සැලකිය යුතු ලෙස වැඩි වීමට ද හේතු වී ඇති අතර එමඟින් ජලයෙන් බෝවන රෝග ඇතිවීමේ අවදානම වැඩි වේ.අවශ්‍ය අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ ගැන සඳහන් කරමින්, බලපෑමට ලක් වූ පුද්ගලයින්ට සහ පවුල්වලට මුළුතැන්ගෙයි උපකරණ, ඇඳ ඇතිරිලි, නිදන පැදුරු, කොට්ට සහ ඒ හා සමාන අවශ්‍යතා ඇතුළුව ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීම සඳහා මූලික ගෘහ භාණ්ඩ සපයා ගැනීමේ ක්ෂණික අවශ්‍යතාවයක් පවතින බවත් නිදහස් වෙළඳ කලාපයේ සංක්‍රමණික සේවකයින් ලෙස සේවය කරන පවුල් කිහිපයක් ද සිටින බවත්
අශිලා පැවසුවාය.
“අපගේ හවුල්කාර සංවිධානවල සහාය ඇතිව, කෝවින්න , ආඩිඅම්බලම , කටුණායක යනාදි ප්‍රදේශවල ගංවතුරට සිරවී
සිටී 250ක් පමණ ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල අයට බෝට්ටු ආධාරයෙන් ගොස් සහ හමුදා ජංගම සේවාවන් හරහා පිසූ ආහාර සහ පානීය ජලය සැපයූ බව ප්‍රකාශ කළ රෙඩ් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා චන්ද්‍රා දේවනාරායන , ගං වතුර බැසගිය පසු සේවකයින්ගේ නේවාසිකාගාර පිරිසිදු කරගැනීම සදහා විෂබීජ නාශක දියර සහ පිරිසිදු කිරීමේ අවශ්‍ය ද්‍රව්‍ය සපයා දුන් බව කීවේය. 
චමිලා තුෂාරිට අනුව, ගංවතුර ආරම්භයත් සමග, ඩා බිඳු සාමුහීකය සමග සම්බන්ධතා පවත්වන බියගම ආයෝජන කළාපයේ ආපදාවට මුහුණ දුන් සේවක සේවිකාවන් 150ක් වෙත ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය ලබාදී ඇත. ආරම්භයේ දී පිසූ ආහාර ද, පසුකාලීනව වියළි සළාක , ඇඳුම් සහ මුදල් ආධාර වශයෙන් ලබාදීමට සිදු වූ බව ඇය කීවේය.
කිළිනොච්චියේ 750ක් පමණ ද වව්නියාව 450ක් පමණ ද ඇගලුම් සේවක සේවිකාවන් ආපදාවට ලක්වී සිටිනවා. නමුත් අපේ මේ මොහොතේ ආර්ථීක ශක්තිය තුළ වැඩියෙන්ම ආපදාවට ලක්වුණු තෝරාගත් සේවක සේවිකාවන් සංඛ්‍යාවකට පමණක් අපි සම්පූර්ණ ආධාර ලබාදුන්නා. කටුණායක, බියගම, කිළිනොච්චි සහ වව්නියාව ඇගලුම් සේවකයින් වෙනුවෙන් මේ වන විට රුපියල් ලක්ෂ 15ක පමණ විවිධ ආකාරයෙන් උදව් ආධාර ලබා දී ඇති බව සඳහන් කළ චමිලා තුෂාරි, සෑම ඉරුදිනක දී ම පවත්වනු ලබන පොදු කුස්සිය හරහා ව්‍යසනයට මුහුණ දුන් සේවකයින් යම්කිසි ස්ථාවරයකට පැමිණෙන තෙක් ආහාර සපයනු ලබන බව ද සදහන් කළේය. මීට අමතරව, සියලු දෙනාවෙත තුවා බෙඩ්සීට්ස් සමග සනීපාරක්‍ෂක ද්‍රව්‍ය අඩංගු කට්ටලයක් ලබාදීමට සූදානම් කර ඇති බව කීවේය.
“සමාජ සංරක්‍ෂණ වැඩපිළිවෙලක් උතුරේ සේවක සේවිකාවින් වෙත ලබාදිය යුතුයි යන්න මේ ව්‍යසනය හමුවේ හොඳින් පෙනී ගියා. මන්ද, යුද්ධයෙනුත් බැටකා සිටී ඔවුන් කෝවිඩ් වසංගතයට මුහුණ දුන්නා. දැන් නොසිතූ කුණාටුවක් හා ගංවතුර උවදුර නිසා විවිධ ප්‍රශ්නවලට – නිවාස විනාශ වීම, ගේ දොර භාණ්ඩ විනාශ විීම, ලෙඩ රෝගවලට මුහුණදීම සහ මානසීක පීඩාවට මුහුණ දීම යනාදියට පිළිසරණ වීමට සමාජගත වැඩපිළිවෙළක්


ගම්පහ දිස්ත්‍රික්කය තුළ 380,000 ක් ආපදාවට ලක් වූවා කිව්වට, ඉන් කීදෙනක් වෙළෙඳ කළාප සේවකයින් ද යන්න පිළිබඳව කිසිම පැහැදිළි සංඛ්‍යාලේඛණයක් තවම සකස්වී නැහැ. අපි කථාකරන්නේ අපේ සේවාවන් ලබාගන්නා සේවක පිරිස් පිළිබඳව පමණයි. එම නිසා ඇගලූම් ක්‍ෂේත්‍රයේ වගේම , සමස්ත කලාපයේ සේවය කරන සියලු ම සංක්‍රමණික සේවකයින් වෙනුවෙන් නිසි ප්‍රතිපත්තියක් බිහිවෙන්න ඔීනේ. ඔවුන් ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ ලියාපදිංචි කරවන්න අවශ්‍යයි. මොකද, ඔවුන් මේ රටේ පැවැත්ම සඳහා විශාල ආයෝජනයක් ලබාගැනීමට කැපවී වැඩකරන කණ්ඩායමක්. යැයි චමිලා තුෂාරි ප්‍රකාශ කළේය.
කිළිනොච්චියේ සේවකයින් 750ක් පමණ ද වව්නියාව 450ක් පමණ ද ඇගලුම් සේවක සේවිකාවන් ආපදාවට ලක්වී සිටින නමුත් මේ මොහොතේ ඔවුන්‌ගේ ආර්ථීක ශක්තිය මත වැඩියෙන් ම ආපදාවට ලක්වූ සේවක සේවිකාවට පමණක් සම්පූර්ණ ආධාර ලබාදීමට සිදුවූ බවත් , කටුණායක, බියගම, කිළිනොච්චි සහ වව්නියාව වෙළෙද කලාප සේවකයින් වෙනුවෙන් මේ වන විට රුපියල් ලක්ෂ 15ක පමණ විවිධ ආකාරයෙන් ආධාර ලබා දුන් බවත්, චමිලා තුෂාරි කීවේය.
