අද රෑට ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි!

මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වව්නියාව, මන්නාරම, අම්පාර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (31) සවස 4ට  නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මේ අතර, හෙට (01) උතුර,  නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

END/AD/MMP/31122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *