හිටපු ක්රිකට් ක්රීඩක අක්ෂු ප්රනාන්දු දිවි ගමනට සමුදෙයි – නිෂිකා හංසනී
2010 වසරේ දී 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට එක් වූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයෙකු වූ අක්ෂු ප්රනාන්දු අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 34 හැවිරිදි වියෙහි පසුවිය.
2018 වසරේ දී ගල්කිස්ස ප්රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී සිදුවූ බිහිසුණු අනතුරකින් පසු කෝමා තත්ත්වයට පත් වී සිටි ඔහු අද (30) මෙලෙස දිවි ගමනට සමු දී ඇත.
