රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචාරක බංගලා හා නිවාඩු නිකේතන මාර්ගගත ක්‍රමයට වෙන් කර ගැනීමට පහසුකම් සැලසේ

වත්මන් රජය ගෙන යන ඩිජිටල් රාජ්‍යකරණය ප්‍රතිපත්තිය තවත් ඉදිරියට ගෙන යමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා හා නිවාඩු නිකේතන මාර්ගගත  ක්‍රමයට වෙන්කර ගැනීමේ පහසුකම එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ෙඅමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

www.pubad.gov.lk ඔස්සේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගත හැකි ය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයාගේ තමන්ගේ අතේ ඇති ජංගම දුරකථනයෙන් නිවාඩු නිකේතනක් වෙන් කර ගැනීමේ අවස්ථාව උදාකර දීම අමාත්‍යාංශයේ අපේක්ෂාව බවත් ඉදිරියේ දී ජනතාවගේ ප්‍රතිචාරත් සමඟ අවශ්‍යතා අනුව වෙනස්කම් සිදු කරමින් වත්මන් රජයේ ඩිජිටල් ක්‍රියාදාමය ශක්තිමත් කරමින් ජනයාට අවශ්‍ය සේවාවන් සැලසීමට අමාත්‍යාංශය කටයුතු කර්න බවත් පැවසුවේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා ඇතුලු අමාත්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටිය හ.

END/GONP/MMP/30122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed