බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ බේලි පාලමේ වැඩ අවසන් අදියරේ
පසුගියදා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ ස්ප්‍රිංවැලි ප්‍රදේශයේදී දැඩි ලෙස හානි වී සම්පූර්ණයෙන්ම විනාශ වූ පාලම වෙනුවට විකල්ප විසඳුමක් ලෙස බේලි පාලමක් (Bailey Bridge) ඉදිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අයත් මෙම මාර්ගය, ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ගමනාගමන අවශ්‍යතා මෙන්ම වතු ක්ෂේත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහාද අතිශය වැදගත් මාර්ගයක් වන අතර, පාලම විනාශ වීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා ඇතුළු සියලු වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබුණි.
මේ මස 27 වෙනි දා දිනයේ බේලි පාලම ස්ථාපනය කර ඇති අතර, ඉතිරි කටයුතු කඩිනමින් අවසන් කර ඉදිරි දින කිහිපය තුළ වාහන ධාවනයට අවස්ථාව සලසා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වන බව සඳහන් වේ.
END/GONP/MMP/30122025
