බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි කලීඩා සියා අභාවප්‍රාප්ත වෙයි!
බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි කලීඩා සියා මහත්මිය මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දීර්ඝ කාලීන අසනීප තත්වයකින් සිටි ඇය මිය යන විට වයස අවුරුදු 80ක් විය.
ඇය වසර 20 කට පසු එරට පැවති පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමෙන් පසු 1991 දී බංග්ලාදේශයේ පළමු කාන්තා රජයේ නායිකාව බවට පත්විය.
බංග්ලාදේශයේ හිටපු ජනාධිපති සියාඋර් රහ්මාන් මහතාගේ බිරිඳ වන සියා , වර්ෂ 1981 හමුදා කුමන්ත්‍රණයකින් රහ්මාන් මහතා ඝාතනය කිරිමෙන් පසු ව දේශපාලනයට පිවිසි අතර පසුව බංග්ලාදේශයේ ජාතිකවාදී පක්ෂයේ (බී.එන්.පී) නායකත්වයට පත් ව ඇත.
