ඉතිහාසයේ වැඩිම සංචාරක පැමිණීම මේ වසරේ
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ නව පිටුවක් පෙරළමින්, එක් වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මෙතෙක් වාර්තා වූ වැඩිම අගය ලෙස අද ඉතිහාසයට එක් වුණා.
අද (29) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි 2,333,797 වැනි සංචාරකයා සමඟින් මෙම වාර්තාව පිහිටුවා ඇති බව සඳහන්.
ඒ අනුව මෙතෙක් මෙරට වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූ වසර ලෙස සැලකුණු 2018 වසරේ වාර්තාව අභිබවා ගොස් තිබෙනවා.
2018 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 2,333,796ක්.
