අලුත්ම ක්‍රිකට් සෙල්ලම : තනි අතින් උඩ පන්දුවක් ඇල්ලුවොත් කෝටි 3ක් – හිරුණි ලක්ෂිකා

ක්‍රිකට් තරඟයක් නරඹමින් සිටින අවස්ථාවේදී තනි අතින් උඩ පන්දුවක් අල්ලාගෙන ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි තුනකට අධික ත්‍යාග මුදලක් දිනාගත් නරඹන්නෙකු ගැන දකුණු අප්‍රිකාවෙන් වාර්තාවනවා.

දකුණු අප්‍රිකානුT20 ක්‍රිකට් තරගාවලියේදී කේප්ටවුන් කණ්ඩායමේ රයන් රිකෙල්ටන් එල්ල කරන ලද දැවැන්ත හයේ පහරක් නරඹන්නෙකු විසින් තනි අතින් උඩ පන්දුවක් ලෙස රැක ගැනීම වෙනුවෙන් දකුණු අප්‍රිකානු රෑන්ඩ් මිලියන දෙකක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝට් 3.7) ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.

එය ක්‍රිකට් තරඟයක් නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙකුගේ ජීවිතය වෙනස් කළ අවස්ථාවක් ලෙසයි ක්‍රිකට් විචාරකින් විසින් හඳුන්වනු ලබන්නේ.

නවතම රසික ප්‍රවර්ධන වැඩසටහනක් දකුණු අප්‍රිකානු T 20 ක්‍රිකට් තරගාවලියේ දියත් කොට ඇති අතර ප්‍රේක්ෂාගාරයට ඉහළින් එල්ල වන හයේ පහරවල් අලංකාර ලෙස අල්ලා ගන්නා ප්‍රේක්ෂකයින් වෙත මුදල් ත්‍යාග ලබාදීම මින් සිදු කෙරෙනවා.

මෙම රසික ප්‍රවර්ධන වැඩසටහන සෑම තරඟයකදීම ක්‍රියාත්මක වන අතර ඒ වෙනුවෙන් විශේෂ අරමුදලක් ප්‍රකාශයට පත් කිරීමටද කටයුතු යොදා තිබෙනවා.

කේප්ටවුන් හා ඩර්බන් සුපර් ජැයන්ස් අතර පැවති තරඟයේ කේප්ටවුන් කණ්ඩායම ජයග්‍රහණය හඹා යෑමේදී 13 වැනි පන්දුවාරයේ සිවුවැනි පන්දුවේදී මේ සිදුවීම වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed