මෙරට මුහුදු තීරය උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට – හිරුණි ලක්ෂිකා

ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ එම ධීවරයින් සමග ඔවුන් පැමිණි ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගත් බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩුවේ රාමනාදපුරම් හි වෙසෙන අය බවත් ඔවුන් මෙරට මුහුදු තීරයට උල්ලංඝණය කර ධීවර කටයුතු කරමින් සිටියදී මෙලෙස නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින් තිදෙනා සහ යාත්‍රාව කන්කසන්තුරය වරායට රැගෙන ඒමට නියමිත බවත් නාවික හමුදාව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed