ආපදා සලාක මලු 55ක් අතුරුදන්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට බෙදා දීමට තිබූ වියලි සලාක මළු 55ක් සොරකම් කිරීමේ සිද්ධියක් කල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මණ්ඩලකුඩාව ග්‍රාම නිලධාරීණිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කල්පිටිය පොලිසිය සඳහන් කළේ.

ආපදාවෙන් පීඩාවට පත්ව සිටි මණ්ඩලකුඩාව ගමේ ජනතාට බෙදා දී ඉතිරි වූ වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළත් මළු 181ක් ඉකුත් 25 වැනිදා සවස අදාල ප්‍රදේශයේ නිවසක ගබඩා කළ බව ග්‍රාම නිලධාරීණීය පොලීසියට පැමිණිළි කරමින් සඳහන් කර තිබෙනවා.

එම වියලි සලාක ගබඩා කර තිබූ නිවසේ වහලයේ උළු ඉවත් කර කිසියම් අයෙක් රුපියල් 220,000 ක් වටිනා වියලි සලාක මළු 55ක් මෙලෙස රැගෙන ගොස් ඇති බවටයි එම පැමිණිල්ලේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *