ශීත සෘතුවේ සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය අද මත්තලට – හිරුණි ලක්ෂිකා

මෝල්ඩෝවා රාජ්‍යයේ සිට ශීත සෘතුවේ සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය අද මත්තල ගුවන්තොටුපළ වෙත ළගාවීමට නියමිතයි.

විෂන් එයාර් ගුවන් සේවය විසින් සෘජු ගුවන්වාර 09 ක් මෙලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් සංචාරකයින් 1,500 ක් පමණ රැගෙන ඒමට අපේක්ෂා කරන බවයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග සඳහන් කළේ.

මෝල්ඩෝවා රාජ්‍යයට ආසන්නයේ පිහිටි යුක්‍රේනයේ ගුවන්තොටුපළවල් මේ වනවිට වසා දමා ඇති බැවින් අද පැමිණෙන යානයෙන් යුක්‍රේන සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණෙනු ඇති බව ද ඔහු කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *