සෑම සහයෝගයක්ම දෙන බවට මෝදිගෙන් අනුරට ලිපියක් – හිරුණි ලක්ෂිකා

‘දිට්වා’ සුළි කුණාටුව සමග පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහතික වී තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මාර්ගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත එවා තිබූ විශේෂ ලිපිය මගිනුයි මේ බව දැනුම් දී තිබෙන්නේ.

මෝදි අග්‍රාමාත්‍යවරයාගේ ලිපියේ සඳහන් පරිදී , “ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, අපි ඔබ සමග උරෙන් උර ගැටී සිටින්නෙමු.” යනුවෙන්ද සඳහන්.

මේ අනූව නිරතුරුවම ශ්‍රී ලංකාවට ඉන්දියාව පසෙකින් සිටිනා බව දැක ගැනීමට හැකි වනු ඇති බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් එම ලිපියෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දන්වා ඇත්තේ.

එම ලිපිය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed