කොළඹින් ගමට යන්න අද සිට විශේෂ බස් – හිරුණි ලක්ෂිකා
උත්සව සමය වෙනුවෙන් විශේෂ අමතර බස්රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.
එහි සභාපති සජීව නන්දන කණකරත්න ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ මෙම බස් රථ සේවාව මේ මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.
මේ අතර, උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර යාල්දේවී දුම්රිය අද සිට ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
