විභාග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක් – හිරුණි ලක්ෂිකා
අ.පො.ස. උසස් පෙළ කල් දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස්වී ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
මේ අනුව, පාසලේ විදුහල්පති හෝ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි කියා සිටියේ.
0112- 784537 සහ 0112-788616 යන අංක අමතා ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකියි.
එමෙන්ම, විභාග අපේක්ෂකයින්ගේ ප්රවේශ පත්ර හෝ ජාතික හැඳුනුම්පත් ආපදා හේතුවෙන් විනාශ වී ඇත්නම් ඒ සඳහා කඩිනමින් අවධානය යොමුකරන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරිය ප්රකාශ කළා.
