පොළොන්නරුවේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා ජාතික පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය!

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  බහුවාර්ගික හා ත්‍රෛභාෂා ජාතික පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිමකිරීමට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශය විසින් රුපියල් මිලියන 199.13ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති අතර එම ඇස්තමේන්තුව මත පදනම්ව වැඩ නිමකිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අගමැතිනිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා නව ජාතික පාසලක් ඉදිකිරීම සදහා 2015-09-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇත. ඒ යටතේ Block 01 හා Block 02 වශයෙන් ගොඩනැගිලි සංකීර්ණ 02ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

Block 01 ගොඩනැගිලි සංකීර්ණය ඉන්දීය රජයේ ප්‍රදානයක් වශයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත සහ Block 02 ගොඩනැගිලි සංකීර්ණය ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ එවකට පැවති අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීම මත ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කර ඇත.

රට තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ Block 02 ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අත්හිටුවා අදාළ කොන්ත්‍රාත්තුව අවසන් කර තිබේ. ඉන්දීය මහ කොමසාරි ස් කාර්යාලයේ මෙහෙයවීම මත අදාළ විෂය පථය සංශෝධනය කර ඇති අතර Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහලේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව ඉහළ මහලේ වහලය දක්වා ඉදිකිරීම් සිදුකර එම ගොඩනැගිලි සංකීර්ණය 2025 – 10 – 31 දින ශ්‍රී ලංකා රජය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ තවදුරටත් නිම කළ යුතු වැඩ අවසන් කිරීම සදහා ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරු ආයතනය වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශය විසින් රුපියල් මිලියන 199.13ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.

END/GONP/MMP/23122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *