චීන රජයේ විශේෂ දූත පිරිසක් අද දිවයිනට
චීනයේ ෂීසැං( Xizang) කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම්, චීන කොමියුනිෂ්ට් පක්ෂයේ විසි වන මධ්‍යම කාරක සභාවේ සමාජික වැන්ග් ජුන්ෂෙන් ( Wang Junzheng) මහතා ප්‍රමුඛ දූත පිරිසක් අද(23) උදෑසන දිවයිනට පැමිණියහ.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් මෙම දූත පිරිස පිළිගනු ලැබූ අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං ( Qi Zhenhong) මහතාද ගුවන් තොටුපොලට පැමිණ සිටියේය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් ද ඊට සහභාගි වූහ.
ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ වැන්ග් ජුන්ෂෙන් මහතා අතර කෙටි සාකච්ඡාවක් පැවැත්විනි. ශ්‍රී ලංකා – චීන මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලාංකික ජනතාව ආපදාවන්ට ලක්ව සිටින මොහොතක දූත පිරිසේ පැමිණීම ගැන අමාත්‍යවරයා වැන්ග් ජුන්ෂෙන් මහතා සහ චීන රජයට ප්‍රණාමය පුද කරනු ලැබුවේය. මෙම දූත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණ ගැසීමට ද නියමිත අතර ඉදිරි දින 02 දී දිවයිනේ විවිධ ප්‍රදේශ වල නීරීක්ෂණ චාරිකාවක නිරත වීමටද සැලසුම් කර තිබේ.
