කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කෙරේ – හිරුණි ලක්ෂිකා

කැලණිය රජමහා විහාරස්ථානය මගින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා උත්සවයට සමගාමීව පවත්වනු ලබන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහැර හේතුවෙන් අද දින එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පස්වරු 3.00 සිට කැලණිය ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කර ඇති බවයි.

ඒ අනුව බියගම මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන කැලණිය රජමහා විහරස්ථානයේ බියගම පාර වාහල්කඩ අසලින් ගඟවේල්ල මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුම හරහා ගමන් කර යුතුයි.

එමෙන්ම පෑලියගොඩ දෙස සිට බියගම දෙසට පැමිණෙන සියළුම වාහන කැලණිසිරි වටරවුම ඔස්සේ කැලණි රජමහා විහාරස්ථානයේ ගඟවේල්ල මාර්ගයේ බියගම පාර හරහා වාහල්කඩ දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

පෙරහර ගමන් ගන්නා කැලණි සිරි වටරවුම විහාර මාවත කොටස පස්වරු 3.00 සිට සම්පූර්ණයෙන් වසා තැබෙනු ඇති.

මීට අමතරව පෑලියගොඩ පට්ටිය හන්දිය, නුවර පාර, පට්ටිය හන්දිය අසලින් වරාගොඩ මාර්ගයට පිවිසෙන වාහන තොරණ හන්දියෙන් ගමන් කළ යුතු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *