ATM මැෂිම කැඩූ අය සොයා CCTV සාක්ෂි ඔස්සේ මෙහෙයුම් – හිරුණි ලක්ෂිකා

කුච්චවේලි ප්‍රදේශයේ නිලාවේලි පාරේ ස්ථාපිත කර ඇති පෞද්ගලික බැංකුවක ඒ. ටී. එම්. යන්ත්‍රයක් ඊයේ (21) අලුයම කඩා මුදල් ගැනීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කුච්චවේලි පොලිසිය පවසනවා.

කිසිවකු හෝ එම ඒ.ටි.එම්. යන්ත්‍රයේ යට කොටසේ ආවරණය කඩා මුදල් සේප්පුව විවෘත කිරීමට උත්සහා දරා ඇති අතර එය විවෘත කිරීමට නොහැකි වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බැංකු කළමනාකාරවරයා පොලිසියට පැමිණ කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ.ටි.එම්. යන්ත්‍රයට සවිකර ඇති සී.සී.ටි.වී දර්ශන ආධාරයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed