කෝටි 03ක මැණික් ගල් සමග දෙදෙනෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට – හිරුණි ලක්ෂිකා
රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා මැණික් තොගයක් සිය සිරුරෙහි සහ ගමන් මල්ලෙහි සගවා චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මොවුන් බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 39 වයස්වල පසුවන මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයන් බවයි වාර්තා වන්නේ.
රේගු නිලධාරීවරුන්ට ඇති වූ සැකය මත, මොවුන් දෙදෙනා පරීක්ෂා කළ අවස්ථාවේදී සැකකරුවන් ළඟ තිබී නිල් මැණික්, පද්මරාග, කිරින්චි, රතු කැට, කනක, වෛරෝඩි, චන්ද්‍රකාන්ත සහ ආරනූල් සොයාගෙන තිබුණා.
මෙලෙස සොයාගත් ප්‍රධාන මැණික් වර්ග වල බර කැරට් 756ක් වනවා.
