ජලාශ 36ක් සමග වැව් 52ක් තවදුරටත් වාන් දමයි – නිශිකා හංසනී
ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 52කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර පවසන්නේ.
මෙම වාන් දැමීම නිසා ගංවතුර තත්ත්වයක් හෝ එවැනි තත්ත්වයකට ජලය නිදහස් වීමක් සිදුනොවන බවද පැවසුවා.
එබැවින් මහජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බවයි ඔහු කියා සිටියේ.
ඉදිරි මෝසම් වැසි අනුව ගංගාවල ජල මට්ටම් වෙනස් වීමේ හැකියාව පවතින බවත් එම තත්ත්වයන් සම්බන්ධව අවධානයෙන් පසු විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.
මේ අතර ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ නිල්වලා ගඟ ආශ්‍රිතවයි.
එම ද්‍රෝණිය ආශ්‍රතිව මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් තැනින් තැන වැසි වාර්තා වී තිබෙනවා.
