කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ ගාස්තු අය කිරීම නවතී – හිරුණි ලක්ෂිකා
කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී සිදුකෙරෙන ගාස්තු අය කිරීම නවතා දැමීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අනවශ්‍ය රථවාහන තදබදයක් වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
පිටත වටරවුම මාර්ගයේ සිට කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන රථවාහන සහ කටුනායක අධිවේගී මාර්ගයේ සිට පිටත වටරවුම මාර්ගයට පිවිසෙන රථවාහනවලට කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී නවතා ගෙවීම් සිදුකිරීමකින් තොරව ඉදිරියට ගමන් කළ හැකි වනවා.
