ඉන්දීය විදේශ ඇමති ලංකාවට – හිරුණි ලක්ෂිකා

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.

ඒ අනුව ඔහු ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පශ්චාත් ආපදා ප්‍රතිසාධන සැලැස්ම සඳහා සහය දැක්වීමයි.

ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන විශේෂ සහයෝගිතා පැකේජයක් අමාත්‍යවරයා විසින් මෙහිදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙහිදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ පණිවිඩයක් භාර දීමට නියමිත අතර, ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික සහයෝගිතාව පිළිබඳවද සාකච්ඡා පවත්වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *