රු. ලක්ෂ 60ක මත්කුඩු!

රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමක් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු පානදුර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.

මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ජාවාරම් සඳහා යොදාගත් ජංගම දුරකතන 5ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පානදුර දකුණ මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Copied: https://sinhala.adaderana.lk/news/218623

END/AD/MMP/20122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed