රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් – නිශිකා හංසනී

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරී වැඩ තහනම් කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ලිපියක් නිකුත්කරමින් මේ බව සඳහන්කර සිටිනවා.

එම ලිපියේ සඳහන් වෙන්නේ වගකිව යුතු තනතුරක් දරන රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ රට තුල ආන්දෝලනයක් ඇතිවන ආකාරයේ සහ ජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරමින් ජනමාධ්‍ය වෙත ප්‍රකාශය නිකුත් කිරීම නිසා මෙලෙස රාජකාරී වැඩ තහනම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed