රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් විවෘතයි – හිරුණි ලක්ෂිකා

පවතින අධික වර්ෂාවත් සමග රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් මේ වනවිට විවෘත කර තිබෙනවා.

එමගින් තත්පරයට ඝන අඩි 7130 ජල ධාරිතාවක් කලා ඔයට මුදා හරින බවයි ජලාශය භාර වාරි ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ.

මේ අතර, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ඇතුළු මහවැලි අධිකාරියට අයත් ජලාශ කිහිපයකම වාන් දොරටු ද තවදුරටත් විවෘතයි.

එමෙන්ම, අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ යාම නිසා මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක 3, ඊයේ රාත්‍රියේ විවෘත කෙරුණා.

එමගින් තත්පරයට ඝන අඩි 1500ක් ක්‍රමානුකූලව අඹන් ගඟට මුදා හැරීමට කටයුතු කරන බවයි එම ජලාශය භාර ඉංජිනේරුවරයා සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *