දිට්වා ආපදාවෙන් දින 23 කට පසු විශේෂ උඩරට මැණිකේ දුම්රිය හෙට බදුල්ලේ සිට අඹේවෙල දක්වා
දිට්වා ආපදා තත්ත්වයෙන් දඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල කොටස යතාවත් කර මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කොඳු නාරටිය බඳුවු උඩරට දුම්රිය මාර්ගය නැවත ශක්තිමත් කිරිමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ එහි සේවකයන් පිරිස, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO), සියලුම ස්වේච්ඡා සංවිධාන සහ දේශපාලන අධිකාරිය ගත් උත්සහයක ප්‍රතිඵලයක් ලෙස හෙට (20) දින බදුල්ල දුම්රිය ස්ථානයෙන් Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල – අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය (SPL 1016) පිටත් වීමට නියමිතයි.
ඒ අනුව මෙම අවස්ථාවන් සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ඇතුලු පිරිසක් සහභාගි වේ.
– දිනය – 20/12/2025 (සෙනසුරාදා)
– පෙ.ව 8.00 – බදුල්ල දුම්රිය ස්ථානය
– පෙ.ව 9.15 – දෙමෝදර දුම්රිය ස්ථානය
