ආපදා තත්ත්වයෙන් හානි වූ ප්‍රදේශ සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට Noritake Company Limited ආයතනයෙන් රුපියල් මිලියන 20ක මූල්‍ය ප්‍රදානයක්

පැවති හදිසි ආපදා තත්ත්වයෙන් හානි වූ ප්‍රදේශ සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල සඳහා ජපානයේ Noritake Company Limited ආයතනය විසින් රුපියල් මිලියන 20ක මූල්‍ය ප්‍රදානයක් සිදු කළේය.

​ඊට අදාළ චෙක්පත Noritake Lanka Porcelain ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔබාරා (Kenji Obara) මහතා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්වීම දෙසැම්බර් 18 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය.

​මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, Noritake Lanka Porcelain ආයතනයේ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී සුජාතා එගොඩගෙදර සහ සහකාර සාමාන්‍යාධිකාරී කැප්ටන් එම්. එම්. අතුල රොහාන් සෙනරත් යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

END/GONP/MMP/19122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed