එකයි එකයි නවය හෙවත් පොලිස් හදිසි ඇමතුම් සේවය අවභාවිත නොකරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
එම දුරකතන අංකය ඇතැම් අවස්ථාවල අවභාවිත කිරීමේ සිද්ධි නිරීක්ෂණය වී ඇති අතර, ඊට අදාළ කිහිපදෙනෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමටද සිදුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සදහන් කළේ.