විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කළ ‘සෙනෙහස’ සංවේදන ළමා උද්‍යානය විවෘත කෙරේ!

සෙනෙහස අධ්‍යාපන, සම්පත්, පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය (SERRIC) පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණය කරන ලද සංවේදන ළමා උද්‍යානය (Sensory Garden) ඊයේ , එනම් 17 දා, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

මෙම උද්‍යානය විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කුසලතා සංවර්ධනය වන පරිදි ආරක්‍ෂිත සහ අන්තර්ක්‍රියාකාරී අංගයන්ගෙන් සමන්විතව නිර්මාණය කර ඇත. එළිමහන් පරිසරයක් තුළ දරුවන්ගේ සංජානන හැකියාවන්, චාලක කුසලතා  සහ චිත්තවේගීය වර්ධනයට සහාය වන වැදගත් චිකිත්සක මෙවලමක් ලෙස මෙය භාවිතා කරනු ඇත. රණවිරු පවුල්වල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පූර්ණ රැකවරණයක් ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශය දක්වන කැපවීම මෙමගින් තවදුරටත් තහවුරු වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම නව පහසුකම හරහා, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කුසලතා සංවර්ධන සහ චිකිත්සක සේවාවන් තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යතුමා, සෙනෙහස අධ්‍යාපන, සම්පත්, පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයේ සේනාවිධායක ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඉටුකරනු ලබන කැපී පෙනෙන සේවය ඇගයීමට ලක් කළ අතර, මෙම සත්කාරය සඳහා රජයේ නිරන්තර සහයෝගය හිමිවන බව ද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපතිතුමා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා සහ සෙනෙහස අධ්‍යාපන, සම්පත්, පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

END/GONP/MMP/18122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed