යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබා දෙන ආපදා ආධාර ප්‍රමාණය ඉහළ දමයි!
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ සහන කටයුතු සඳහා ලබා දීමට එකඟ වී සිටි යුරෝ මිලියන 1.8 ආධාරය යුරෝ මිලියන 2.35 දක්වා ඉහළ දමා ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඉන් ආධාර කොටසක් රැගත් යුරෝපා සංගමයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ – 17 දා අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත. බෝයිං – 747 – 400 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන රටවලට අයත් ආධාර රැගෙන එනු ලැබී ය.
ජර්මානු ආධාර ලෙස යුරෝ ලක්ෂ 05ක් වටිනා ආපදා ආධාර තොගයක් සහ ලක්සම්බර්ග් රාජ්‍යයේ මානුෂීය ආධාර ලෙස කූඩාරම්, මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට ඇතුලු ආධාර තොගයක් මෙලෙස රැගෙන පැමිණ තිබේ.
මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මාණු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් (Sarah Hasselbarth) යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් (Pierre Tripon) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
END/GONP/MMP/18122025
