ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි: නැවත ගංවතුරක් ඇතිවීමේ අවදානමක් තිබේ ද?

       බීබීසී සිංහල – පැය 3 කට පෙර

ඊසාන දිග මෝසම සක්‍රීය වී රට තුළ වර්ෂාපතනය වැඩි වෙමින් පවතින පසුබිමක මහවැලි ගඟ ආශ්‍රිත ජලාශ පිටාර මට්ටමට පැමිණ, ඇතැම් ජලාශ වාන් දැමීම ආරම්භ වී තිබේ.

ඒ හේතුවෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට මහවැලි ගඟ හා ඒ ආශ්‍රීත ජලාශවල මතුව තිබෙන තත්ත්වය සම්බන්ධව මහවැලි අධිකාරියේ, ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ, අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස බීබීසී සිංහල සේවය විසින් සම්බන්ධ කර ගනු ලැබී ය.

දැනට වාන් දොරටු විවෘත කර ඇත්තේ කුමන ජලාශවල ද?

දෙසැම්බර් 18 වැනිදා උදෑසන 9.30 වන විට ජලාශවල වාන් දොරටු විවෘත කිරීම සහ ජලය වාන් දැමීම පිළිබඳ විස්තර අධ්‍යක්ෂවරයා මෙලෙස විස්තර කළේ ය.

“පොල්ගොල්ලෙ වාන් දොරටු 3ක් ඇරලා තියෙනවා මීටරය ගාණේ, ඒකෙන් තත්පරයට මීටර් 190ක් යනවා වික්ටෝරියා ජලාශය පැත්තට. වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් ඇරලා තියෙනවා, මීටර් දශම හතක් වගේ. ඒකෙන් තත්පරයට ඝන මීටර් 320ක් යවනවා. රන්දෙණිගල ජලාශයේ ගේට්ටු 2ක් ඇරලා තියෙනවා, මීටර් දෙකහමාරයි, මීටරයයි ගාණේ. ඒකෙන් තත්පරයට ඝන මීටර් 480ක් යනවා. රන්ටැඹේ මිටර් දෙහමාරකුයි, එකක් මීටර් දෙකක් ඇරලා තියෙනවා. ඒකෙන් තත්පරයට ඝන මීටර් 675ක් යනවා,” ඔහු පැවසුවේ ය.

මේ අතර ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් උදෑසන 10.20 වන විට ජාලාශවල වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කර තිබේ.

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් සෙන්ටි මීටර් 70 බැගින්, රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු 2ක් මීටර් 2.5 සහ මීටර් 1 බැගින් විවෘත කර ඇති බව මෙන් ම, රන්ටැඹේ වාන් දොරටු 2ක් මීටර් 2 සහ මීටර් 2.5 බැගින් විවෘත කර ඇති බව එහි සඳහන් කර ඇත.

සම්පූර්ණ පුවත කියවීම සදහා පහත ලින්ක් එක මත ක්ලික් කරන්න,

https://www.bbc.com/sinhala/articles/c5y9wjnln91o

END/BBC/MMP/18122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *