ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද – 17, ජල සැපයුම අත්හිටුවයි!

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද – 17 දා පස්වරු 4.00 සිට 18 වැනි දින පෙරවරු 7.00 දක්වා පැය 15ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍ර දේශයේ කොටසක් සඳහා මෙලෙස ජල සැපයුම් අත්හිටුවේ.
ජල සැපයුම අත්හිටුවීමේන පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළ කර සිටින අතර ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වැඩිදුරටත් සඳහන් කරයි.

END/GONP/MMP/17122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed