ආරක්ෂාවක් නැතැයි කියා අනුරපුර වෛද්‍යවරුන් වර්ජනයක – හිරුණි ලක්ෂිකා
තමන්ට නිසි ආරක්ෂාවක් නොමැති බව පවසමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද උදෑසන සිට සංකේත වර්ජනයක නිරතවනවා.
මීට දින කිහිපයකට පෙර වෛද්‍ය නේවාසිකාගාරයක් අසල පිහිටි කසළ බඳුනක තිබී ගිනි අවිවලට යොදන හිස්කොපු කිහිපයක් හමුවීම මීට ආසන්නම හේතුව බවයි අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උතුරු මැද පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ශෂික විතානගේ කියා සිටියේ.
