සහල් වැඩි මිලට විකිණූ වෙළෙඳ සැලකට රුපියල් ලක්ෂය ඉක්මවූ දඩයක්!

කිරී සම්බා සහල් වැඩි මිලට විකිණීම සහ ලංකා බාස්මති ලෙස ව්‍යාජ නමින් බිල්පත් නිකුත් කෙරූ වෙළෙඳ සැළකට නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

මාතලේ නාලන්ද ප්‍රදේශයේ වෙළෙඳසැලකට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගෙන ඇති අතර එහිදී අදාළ වෙළෙඳසැලට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.

එහිදී අදාළ වෙළෙඳසැලට එරෙහිව නාවුල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවරූ නඩුවේදී වරද පිළිගැනීමෙන් අනතුරුව අදාළ ව්‍යාපාරිකයා වෙත රුපියල් 110,000ක දඩ මුදලක් පැනවීමට මහේස්ත්‍රාත්වරයා අද (16) නියෝග කළේය.

END/AD/MMP/16122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *