තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස දැනුම් දීමක්!

2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත පරිදි වේ.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත්  2025.12.09 දිනැති අංක ED/09/12/06/05/01 – 2025 දරන ලිපියට වැඩිමනත් වශයෙනි.‍

එමඟින්, 2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම නොකරන ලෙස නිකුත් කර ඇති උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට, විශේෂයෙන්ම සියලු ම විදුහල්පතිවරුන් වෙත දැනුම් දෙන්නෙමු.

END/GONP/MMP/16122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *