18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය විවෘත වේ. නදීක දයා බණ්ඩාර

18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය විවෘත වේ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

නාය යාම හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිටි මහනුවර නාවලපිටිය මාර්ගය යළි විවෘත කිරීම අද උදෑසන සිදුවිය.

උලපනේ ගඩෝල් බෝක්කුව අසල කොටස සම්පූර්ණයෙන් නාය යාමට ලක්වූ අතර මේ හේතුවෙන් දින 18ක කාලයක් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාල විය.

මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා යුද හමුදාව එක්ව මාර්ගය ප්‍රතිසංස්කරණය කළ අතර එය යළි වාහන ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීම මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිදුවිය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ, නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර, ගඟඉහළ කෝරළය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුලු මහජන නියෝජිතයන්, නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *