පැයකට උල්කාපාත 150ක් කඩා හැලෙන දර්ශනීය උල්කාපාත වර්ෂාවක් – හිරුණි ලක්ෂිකා
වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව ලෙස හදුන්වන ජෙමිනික්ස් උල්කාපාත වර්ෂාව අද (13) රාත්‍රියේදී දැකගැනීමට හැකි බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා.
එම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් දැකගත හැකි වනවා.
එමෙන්ම එහිදී පැයක් තුළ උල්කාපාත 150ක් පමණ දැකගත හැකි වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
