ජාතික ව්‍යසනය හමුවේ : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම සංශෝධනය, ණය සහ දේශගුණික යුක්තිය ශ්‍රී ලංකාවේ ජනතාව ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණු ජාතික ව්‍යසනයට මුහුණ දීමට හැකිවන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම සංශෝධනය කිරීමත්, ණය සහ දේශගුණික යුක්තිය පිළිබඳව සළකා බලන ලෙසත් ශ්‍රී ලංකාවේ ජනතාව ඉල්ලා සිටිති කාලීන ව්‍යසනය පිළිබඳව දැඩි අවධානය යොමුකළ කොළඹ පිහිටී නීතිය හා සමාජ භාරය (LST) විසින් සංවිධාන හා සමාජ ව්‍යාපාර 38 ක් සහ පුද්ගලයින් 75 දෙනෙකුගේ සහතික කිරීම සමග විස්තරාත්මකව ඉල්ලීම් කිහිපයක් රජයෙන් ඉල්ලා සිටියි.පහත දැක්වෙන්නේ රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් සහිත ලිපියයි.

දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව පුරා ම විනාශකාරී බලපෑම් ඇති කර තිබේ. 2025 දෙසැම්බර් 6 වෙනි දින වන විට, මෙම සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 600 ඉක්මවා ඇති අතර, සිය ගණනක් දෙනා තවමත් අතුරුදහන් වී, පුද්ගලයින් දහස් ගණන් අවතැන් වී, දැවැන්ත දේපළ, යටිතල පහසුකම් සහ ජීවනෝපාය හානි ද සිදු වී ඇත.

ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට දේශගුණික විපර්යාස වලින් ඇතිවන බලපෑම් පෙන්නුම් කරන දිට්වා සුළිකුණාටුව, 2022 වර්ෂයේ දී ආසන්න වශයෙන් එ.ජ.ඩො. බිලියන 35 ක් වූ ස්වෛරී ණය පැහැර හැරීමකට තුඩු දුන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙහි බරපතලකම තවත් උග්‍ර කරයි. බහුතරයක් වූ අඩු ආදායම්ලාභී ජනතාවට දැඩි ලෙස බලපාන බදු වැඩි කිරීම්, සහනාධාර කපා හැරීම් සහ ප්‍රමාණවත් නොවන සමාජ ආරක්ෂණ වැඩසටහන් ඇතුළු කප්පාදු ක්‍රියාමාර්ග වලින් පීඩා විඳින අතර, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අඛණ්ඩ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ සිරකරුවෙකු බවට පත්ව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයේ වියදම් පාලනය කිරීම මගින් පවතින මානුෂීය අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට රජයට ඇති හැකියාව සීමා කර ඇතිවා පමණක් නොව, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම, ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීම සහ දේශගුණික විපර්යාසවල බලපෑම් වලට තවදුරටත් අනුවර්තනය වීම කෙරෙහි දැඩි ලෙස බාධා ඇති කර තිබේ.

දිට්වා සුළි කුණාටුව ක්‍රමානුකූලව සිදු වන දේශගුණික අයුක්තිය ඉස්මතු කර පෙන්වයි.  ශ්‍රී ලංකාව ගෝලීය පොසිල කාබන් විමෝචනයට ලබා දෙන දායකත්වය 0.08% ක ප්‍රමාණයටත් වඩා අඩු  වුවත් නියඟ සහ නායයෑම් ඇතුළු තීව්‍ර වෙමින් පවතින දේශගුණික බලපෑම් වලට මුහුණ දෙයි. තිරසාර නොවන සංවර්ධන ව්‍යාපෘති සහ කාර්මික, ඒක-භෝග වගාවන් වනාන්තර විනාශයට, පස හායනය වීමට සහ පරිසර පද්ධති බිඳ වැටීමට හේතු වී ඇති අතර, ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ සහ ස්වදේශික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවට විශාල ප්‍රාග්ධනයන් සහ ගෝලීය වෙළඳපොළවල් ප්‍රවර්ධනය කරමින්, ශ්‍රී ලංකාවේ අසමානුපාතික ණය බරට ද හේතු වී ඇත.

අධිවේගී මාර්ග, ගැඹුරු මුහුදු වරායන් සහ බලශක්ති උද්‍යාන වැනි ණය ගැනීම් මගින් අරමුදල් සපයා ගනිමින් ඉදිකරන ලද මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති පාරිසරික ආරක්ෂණයන් මග හැර, ජනතාව අවතැන් කරමින්, ඔවුන්ගේ ජීවනෝපායන් විනාශ කරමින්, ඔවුන්ගේ අවදානම්සහගත බව වැඩි කර, අලි-මිනිස් ගැටුම් උග්‍ර කර ඇති අතර, ආන්තික කණ්ඩායම්, විශේෂයෙන් ම තමන්ගේ ආහාර නිපදවා ගන්නා ගොවීන්, කුඩා පරිමාණ ධීවරයින්, වතු කම්කරුවන් සහ ගව පට්ටි හිමියන් ආදීන් ආර්ථික හා පාරිසරික හානි චක්‍රවලට සිරකර ඇත.

ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත්වීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම වහාම සංශෝධනය කිරීම, විශාල ප්‍රමාණ වලින් ණය අඩු කිරීම් සහ වර්තමාන සහ අනාගත ණය සේවාකරණය වහාම නතර කිරීම සිදු කළ යුතු වේ. එමෙන්ම, විමෝචනය අධික ලෙස සිදු කරන රට වලින් වන්දි ලබාගැනීම සහ ණය මුදල් ලෙස නොව, ප්‍රදාන ලෙස තවත් දේශගුණික මූල්‍යකරණයන් ලබා ගැනීම ද අවශ්‍ය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මගින්   මිලියන 6.3 ක් දෙනා ආහාර අනාරක්ෂිත භාවයකට මුහුණ දෙන අතරතුර  ණය-දේශගුණික උගුලක් පවත්වාගෙන යමින්, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට බාධා පමුණුවමින්, සමාජ ආරක්ෂණයන් ඛාදනය කරයි.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් වගා කරන ලද ඉඩම් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී, ප්‍රධාන භෝග වගාවන් හානියට පත්වී, ශ්‍රී ලංකාව පුරා කෘෂිකාර්මික නිෂ්පාදනය දැඩි ලෙස බාධාවලට ලක්වී ඇති අතර, කුඩා පරිමාණ නිෂ්පාදකයින්ට හදිසි සහාය ලබා නොදුනහොත් ඉදිරි මාසවලදී මහා පරිමාණ ආහාර හිඟයක් ඇතිවීමේ සැලකිය යුතු අවදානමක් ද නිර්මාණය කර ඇත. ආහාර සැපයුම සහතික කිරීම යනු අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කර වෙළඳපොළ නැවත පිරවීම පමණක් නොවේ, දේශගුණික විපත් නැවත නැවත සිදුවීමේ ප්‍රවණතාවය හේතුවෙන් තම ජීවනෝපායයන් බිඳවැටී ඇති සුළු ගොවීන්, කාන්තාවන්, සුළු පරිමාණ ධීවරයන්, වතු කම්කරුවන් සහ ගවයින් ඇතිකරන්නන් වැනි සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයන් නගා සිටුවීම සඳහා ආයෝජනය කිරීම ද එයට ඇතුළත් වේ.

අවශ්‍යතා ඇගයීම, ප්‍රමුඛතා තීරණය කිරීම, සම්පත් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන ක්‍රියාකාරකම් සඳහා අරමුදල් බෙදා හැරීම සඳහා ජනාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ ස්ථාපනය කරන ලද රජයේ Rebuilding Sri Lanka (ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ) කමිටුව පාරිසරික වශයෙන් විනාශකාරී බලශක්ති ව්‍යාපෘති, සේවකයින් සූරාකෑම සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම පැවරෙන ආයතනවල ප්‍රධානීන්ගෙන් සමන්විත වේ. සිවිල් සමාජ හෝ ප්‍රජා නියෝජනයක් නොමැති බැවින්, සමාජ සාධාරණත්වය සහ පාරිසරික තිරසාරභාවයට වඩා කොටස් හිමියන්ගේ වටිනාකමට ප්‍රමුඛත්වය දීමේ ඉතිහාසයක් හිමි මෙම ආයතන ප්‍රධානීන් විසින් ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රතිසංස්කරණ වලට වඩා ලාභය මත පදනම් වූ ප්‍රතිඵල ඔස්සේ මෙම නැවත ගොඩනැංවීමේ වැඩපිළිවෙළ මෙහෙයවනු ලැබීමේ අවදානමක් ඇත.

දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවෙන්, ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමෙන් සහ ජෛව විවිධත්වය සම්බන්ධ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේ සාකච්ඡා වලින් උගත් ගෝලීය පාඩම් වලින් හෙළි වන පරිදි, ස්වදේශික සහ ආන්තික ප්‍රජාවන්ගේ හඬවලින් මිනිසුන්ට සහ පෘථිවියට යුක්තිය ඉල්ලා සිටින අතර, තීරණ ගැනීමේ ස්ථානවල ප්‍රමුඛ ව්‍යාපාරික අවශ්‍යතා වලින් නිරතුරුව ම මෙම ප්‍රමුඛතා අවහිර කරමින්, ආපදා සමාගම්වල ලාභ උපරිම කර ගැනීමේ අවස්ථාවන් බවට පත් කරවයි.

ණය යුක්තිය සහ දේශගුණික යුක්තිය සඳහා වන ඉල්ලීම්

හානිපූරණය සඳහා දිට්වා සුළි කුණාටුවේ බලපෑම ප්‍රමාණනය කිරීම පිණිස ස්වාධීන, බහු-පාර්ශ්වකරුවන් (බලපෑමට ලක් වූ ප්‍රදේශවල ප්‍රජාවන්ගේ සහ සිවිල් සමාජයේ නියෝජිතයින් ඇතුළත්) පාඩු සහ හානි තක්සේරුවක් සිදු කරන ලෙස සමාජ ව්‍යාපාර, වෘත්තීය සමිති සහ සහාය කණ්ඩායම් ඇතුළු ශ්‍රී ලාංකික සිවිල් සමාජ සාමූහික විසින් ඉල්ලා සිටියි.

නිවාස, කෘෂිකර්මාන්තය, අනෙකුත් ජීවනෝපායයන් සහ යටිතල පහසුකම් නැවත ස්ථාපනය කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැය ආර්ථික පාඩුවලට ඇතුළත් වේ. මරණ/තුවාල හේතුවෙන් ප්‍රජාවගේ නිරෝගිමත් ජීවත කාලයෙහි අඩුවීම, රැම්සාර් තෙත්බිම් වල ජෛව විවිධත්වය පිරිහීම සහ ආන්තික ප්‍රජාවන්ගේ සංස්කෘතික/උරුමයන් ඛාදනයවීම ආර්ථික නොවන පාඩු වලට ඇතුළත් වේ. එම තක්සේරු කිරීම් සඳහා මුළු එකතුව ණය අවලංගු කිරීමේ හිලව් සමග සම්බන්ධ කරන, පරිසර පද්ධති සේවා, මානව හිමිකම් මත පදනම් වූ ප්‍රවේශ මිනුම් සහ සමානයින් විසින් සමාලෝචනය කරන ලද ප්‍රමිතීන් භාවිතා කරයි.

2022 වර්ෂයේ දී, එ.ජ.ඩො. බිලියන 14.7 ක ඉහළ පොළී අනුපාත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඇතුළු එ.ජ.ඩො.බි. 35 ක විදේශීය ණය ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් ඇති වූ ණය අර්බුදය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ද සිවිල් සමාජ සාමූහිකයන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.  2025 වර්ෂය වන විට 2.3% ක ප්‍රාථමික අතිරික්තයක් සහ 2027 වර්ෂයේ සිට දළ මූල්‍යකරණ අවශ්‍යතා දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% ට අඩු මට්ටමක පවත්වා ගත යුතු  යැයි ඉල්ලා සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක කරනු ලබන කප්පාදු පියවර මගින් සහනාධාර ඉවත් කිරීම්, පෞද්ගලීකරණය සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට හානි කර වන රාජ්‍ය වියදම් සීමා කිරීම සිදු කළ යුතු යැයි නියම කර ඇත.

ඉල්ලීම්:

ස්වදේශික ප්‍රජාවන්, සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයන්, කාන්තාවන්, ධීවරයන්, වතු කම්කරුවන්, සිවිල් සමාජ සංවිධාන, තාක්ෂණික විශේෂඥයන් සහ රජයේ ආයතනවල නියෝජිතයින් සමග බලපෑමට ලක් වූ ප්‍රජාවන් විසින් මෙහෙයවනු ලබන, සියල්ල ඇතුළත් පාඩු සහ හානි තක්සේරුවක් මගින් ආර්ථික හා ආර්ථික නොවන බලපෑම් පුළුල් ලෙස ප්‍රමාණනය කළ යුතු ය.

අලාභ හා හානි යථා තත්ත්වයට පත් කිරීමට සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාවට වඩා රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්මයට ප්‍රමුඛත්වය දෙන බලශක්ති සහනාධාර ඉවත් කිරීම්, ඉන්ධන වෙළඳපොළ මිලකරණය, වක්‍ර බදු වැඩි කිරීම් සහ සමාජ සුභසාධන කප්පාදු කිරීම් (සමාජ ආරක්ෂණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%) නතර කළ යුතු ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අධීක්ෂණය මත ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යටතේ, පුද්ගලික ණයහිමියන්ගෙන් ඉහළ පොළී අනුපාත මත ලබා ගෙන ඇති වාණිජ ණය ප්‍රමාණනය කළ පාඩු සහ හානි සඳහා හිලව් කරමින් ප්‍රතික්ෂේප කළ යුතු ය (එ.ජ.ඩො. බි. 1 – 1.5 ආර්ථික + ආර්ථික නොවන මිල කළ නොහැකි පාඩු).

රාජ්‍ය මූල්‍ය ඉලක්ක වලින් අලාභ හා හානි සහ දේශගුණික ආයෝජන නිදහස් කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමේ කොන්දේසි ප්‍රතිව්‍යුහගත කිරීම; ප්‍රතිසාධන ප්‍රමුඛතා වලට අරමුදල් සැපයීම සඳහා ණය ඉතිරිකිරීම් යොමුකිරීම; මහජනතාවගේ යහපැවැත්මට වඩා ලාභයට ප්‍රමුඛත්වය දෙන රාජ්‍ය ව්‍යවසායන් සහ ස්වාභාවික සම්පත් පෞද්ගලීකරණය දිරිමත් කරන සියලු ම ක්‍රියාමාර්ග අත්හිටුවිය යුතු ය.

ආපදා අවදානම්පාත්‍රතාවය සංකීර්ණ කරන මුදල් අවප්‍රමාණය කිරීම, පොළී අනුපාත ඉහළ දැමීම් (15.5% පදනම් සීමාව), රජයේ වැටුප්/රැකියා සීමා කිරීම් ප්‍රතික්ෂේප කළ යුතු ය.

දිත්වා සුළි කුණාටුවේ අලාභ සහ හානි රාමුවට සාපේක්ෂව ගළපන ලද ආරක්ෂණයන් මග හරිමින් ව්‍යාපෘති සඳහා ලබා ගත් පිළිකුල් සහගත ණය හඳුනා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ණයහිමියන් ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳ මහජන විගණනයක් සිදු කළ යුතු ය.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙහෙයවීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් හඳුන්වා දෙමින් දේශීය ආර්ථිකය සඳහා ස්වෛරීභාවය නැවත ලබා ගත යුතු ය.

සුළි කුණාටු ව්‍යසනයෙන් පසු ක්‍රියාත්මක කරන ලද නැවත ගොඩනැගීමේ වැඩසටහන් මානව හිමිකම් කොමිෂන් සභාව සහ කාන්තාවන් පිළිබඳ කොමිෂන් සභාව වැනි වැදගත් ස්වාධීන රාජ්‍ය ආයතනවල අධීක්ෂණය සහිතව ජනතාවගේ සහභාගීත්වය සහ උපදේශනය යන ප්‍රබල අංගයෙන් සමන්විත වන බවත්, වඩාත්ම වැදගත් කරුණ ලෙස, ඒවා පරිපාලනය කිරීම සඳහා විශාල සමාගම්වලට භාර නොදෙන බවත් සහතික කළ යුතු ය. 

සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින්ගේ, කම්කරුවන්ගේ, කාන්තාවන්ගේ සහ ළමයින්ගේ අයිතීන් සහ පරිසරයේ අවශ්‍යතා ප්‍රමුඛත්ස්ථානයේ තබා ගනිමින් ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කළ යුතු ය.

Organizations

  1. Adayaalam Centre for Policy Research
  2. All Ceylon Telecommunications Employees Union
  3. Ampara District Alliance for Land Rights (ADALR)
  4. Centre for Environmental Justice
  5. Christian Workers Fellowship (CWF)
  6. Climate Action Now Sri Lanka
  7. Collective for Historical Dialogue & Memory
  8. Dabindu Collective
  9. EQUAL GROUND, Sri Lanka
  10. Families of the Disappeared
  11. Federation of Media Employees Trade Unions
  12. FIAN Sri Lanka
  13. Gami Seva Sevana (GSS)
  14. Human Elevation Organization (HEO)
  15. Institute of Political Economy
  16. Law and Society Trust
  17. LOAM – Lanka Organic Agricultural Movement
  18. Mannar Women’s Development Federation
  19. Movement for Land and Agriculture Reforms (MONLAR)
  20. Movement for the Defence of Democratic Rights (MDDR)
  21. Movement of Christian Women’s Voice (MoCWV)
  22. Muslim Women Development Trust
  23. National Fisheries Solidarity Movement (NAFSO)
  24. NGO National Action Front
  25. People’s Alliance for Right to Land (PARL)
  26. Praja Abhilasha Network
  27. Revaluatory Existence for Human Development ( RED)
  28. Scaling Up Nutrition People’s Forum
  29. Shramabhimani Kendraya
  30. Social Scientists’ Association
  31. STANDUP Movement Lanka
  32. Strategic Inspirations (Pvt) Ltd
  33. Suriya Women’s Development Centre
  34. The Biodiversity Project
  35. Vikalpani National Women’s Federation
  36. Voice of Plantation People
  37. Women’s Action Network
  38. Young Women’s Christian Association (YWCA)

Individuals

  1. Anushaya Collure
  2. Anushka Kahandagamage, Postdoctoral fellow at Harvard Divinity School
  3. Ashila Dandeniya
  4. B.Gowthaman
  5. Balasingham Skanthakumar, Polity
  6. Brito Fernando, Human rights activist
  7. Buwanaka Perera
  8. Chandima Jayawardana
  9. Chintaka Rajapakse
  10. Chulani Kodikara, Independent Researcher
  11. Crystal Baines, Social Scientists’ Association
  12. D.A. Wasantha Pushpa Kumara
  13. Deekshya Illangasinghe
  14. Dr. Amali Wedagedara
  15. Dr. Mahendran Thiruvarangan, University of Jaffna
  16. Dr. Sepali Kottegoda
  17. Dr. Tanuja Thurairajah
  18. Duleeka Nonis
  19. Ermiza Tegal, Attorney at Law
  20. Gunawathie Hewagallage
  21. Hasini Lecamwasam, University of Peradeniya
  22. Indika Arulingam (PhD student, London School of Economics and Political Science)
  23. Jacintha Subasinghe
  24. Jenny Parameshwaran
  25. K. Nihal Ahamed
  26. Kasumi Ranasinghearchchige
  27. Kaushalya Navaratne
  28. krishna velupillai
  29. Lakshman Gunasekara, Journalist
  30. Lionel Bopage, Melbourne, Australia
  31. Madhulika Gunawardena
  32. Mansha Peiris
  33. Mareen Srinika, Human rights activist
  34. Melani Gunathilaka
  35. Melani Manel Perera – Journalist
  36. Nadheesha Hanwella
  37. Nagulan Nesiah
  38. Nigel Nugawela
  39. Nilmini Nonis
  40. Nimal I. Perera
  41. Nisha Perera
  42. Niyanthini Kadirgamar
  43. Pasan Jayasinghe
  44. Prof. Shamala Kumar
  45. Rev Andrew Devadason, Clergy, Anglican church, Diocese of Colombo
  46. Rohini Hensman, writer and independent scholar
  47. Rosanna Flamer-Caldera
  48. Rosita Fernando
  49. Roy Rodrigo
  50. Ruki Fernando
  51. S.Sivagurunathan
  52. Sahan Weerawardana
  53. Sakuna M Gamage
  54. Sandun Thudugala
  55. Sarah Arumugam
  56. Shirani Cooray
  57. Shivanthika Perera
  58. Shreen Saroor – Human rights activist
  59. Sister Berni De Silva
  60. Sister Chrishanthi Basil
  61. Sister Damitha De Silva
  62. Sister Deepa Fernando
  63. Sister Marian Evuesta
  64. Sister Shamindani Fernando
  65. Sister Shandika Perera
  66. Sister Sharmani Fernando
  67. Sister Shiromi Fernando
  68. Sister Sujeewa Gunatilake
  69. Sister Sumalki Fernando
  70. Sivamohan Sumathy
  71. Sujatha Perera
  72. Vasuki Jeyasankar, Batticaloa,
  73. Visakha Tillekeratne
  74. Wasantha  Dissanayake
  75. Yasantha Chamara
END/MMP/13122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed