පාසල් සිසුන් හට ඕනෑම ස්ථානයක සිට ඊ-තක්සලාවට ප්‍රවේශවීමට අවස්ථාව
ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවත් සමග ඇති වූ අනපේක්ෂිත හදිසි තත්ත්වය තුළ සිසුන් මුහුණ දුන් අභියෝග හඳුනා ගනිමින්, ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු නිිිසි ආකාරයෙන් සිදුකරගැනීමට සහයෝගය ලබා දීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඩිජිටල් ඉගෙනුම් වේදිකා ශක්තිමත් කර ඇත.
එම නව පියවරට අනුව සිසුන් තමන් සිටින ඕනෑම ස්ථානයක සිට විෂය කරුණු සහ පසුගිය ප්‍රශ්න පත්‍ර වෙත ප්‍රවේශ වීමට හැකි වන පරිදි, ජාතික ඉලෙක්ට්‍රොනික ඉගෙනුම් වේදිකාව වන ඊ-තක්සලාව (E-thaksalawa) සඳහා ප්‍රවේශය වැඩි දියුණු කර තිබේ. මෙම ප්‍රයත්නය මගින්, පාසල් වසා දැමීම සහ බාහිර අර්බුද නොතකා සිසුන්ට විභාගය සඳහා අඛණ්ඩව සූදානම් වීමට හැකියාව ලැබෙන බව සඳහන් වේ.
අග්‍රාමාත්‍ය ඩිජිටල් කාර්ය සාධක බලකායේ කාර්ය මණ්ඩලය සඳහන් කළ පරිදී , අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් සකස් කර ඒවා මෙම ඉගෙනුම් වේදිකාවට ඇතුළත් කර, සිසුන්ට ප්‍රවේශ වීමේ හැකියාව ඇති බව සහතික කරයි. මෙම සහයෝගි ප්‍රයත්නය තුළින් අධ්‍යාපනය වේගයෙන් ඩිජිටල්කරණය කිරීමට හැකි වූ බව ද පෙන්වා දෙයි.
ඉදිරියේදී, සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ද මෙවැනි ඩිජිටල් ඉගෙනුම් සම්පත් 2026 පෙබරවාරි මාසයේ සිට ලබා දීමට නියමිත අතර, එමගින් අනපේක්ෂිත අභියෝගවලට අනුවර්තනය වීමේ හැකියාව ඇති, ඩිජිටල් ලෙස ඒකාබද්ධ වූ අධ්‍යාපන පද්ධතියක් කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව අමාත්‍යාංශය පවසයි.
