නුවරඑළියට පිවිසෙන මාර්ග අවහිරතා ඉවත් කර අවසන් – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්

නුවරඑළිය දිස්ත්‍රික්කයට පිවිසෙන මාර්ග අවහිරතා ඉවත් කර අවසන් බවත්, නුවරඑළියට පිවිසෙන මාර්ග හතරම මේ වන විට විවෘත කර ඇතැයි  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය  සඳහන් කළාය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ  (10) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

මහනුවර – නුවරඑළිය මාර්ගයද ඊයේ(10) පස්වරුවේ විවෘත කළ බව ඇය පැවසුවාය. එහෙත් මෙම මාර්ගවල ගමනාගමනය සම්බන්ධයෙන් නිෂ්චි ප්‍රකාශයක් සිදුකළ හැකි වන්නේ  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත බවද ඇය පැවසුවාය.

තවද නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවද ඇය  වැඩිදුරටත් සඳහන් කළාය.

END/GONP/MMP/11122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *