“දිට්වා” සුළිකුණාටුවෙන් හා ගංවතුරෙන් ආපදාවට පත් ලක්වැසියන්ට සෙත් පතා දිවයින පුරා සර්ව ආගමික වතාවත් සිදු කරයි.

“දිට්වා” සුළිකුණාටුවෙන් හා ගංවතුරෙන් ආපදාවට ලක් වු ලක්වැසියන්ට සෙත් පැතීම හා ජීවිත අහිමි වු සියලු දෙනා වෙත පිං පැමිණවීම වෙනුවෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙය වීම මත දෙසැම්බර් 09 දින දිවයින පුරා සර්ව ආගමික සිද්ධස්ථානවල අගමික වතාවත් සිදු කෙරිණ.

ඒ අනුව හුණුපිටිය ගංගාරාමාධිපති, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් ද පැවැති අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි විසින් සර්වඥ ධාතූන් වහන්සේ උදෙසා ගිලන්පස සහ මල්වට්ටිය පූජා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය ආරම්භ කළහ.

හදිසි ආපදා තත්ත්වයෙන් දිවයින පුරා හානියට පත් ආගමික සිද්ධස්ථාන නගාසිටූවීම වෙනුවෙන් රුපියල් මිලියන 128ක මුදලක් දායකයින් විසින් රජයට පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු විය.

මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක ගෞරව ශාස්ත්‍රවේදී, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්, දායක දායිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

END/PMMD/MMP/11122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed