හානියට පත් වී වගාවන් සඳහා අක්කරයකට රුපියල් 60,000ක වන්දි මුදලක් – අයදුම්පත පුරවා හැකි ඉක්මනින් භාර දෙන්න

ආපදාවෙන් හානියට පත් මහ කන්නයේ වී වගාවන් යථා තත්වයට පත් කිරීම සඳහා අක්කරයකට රුපියල් 60,000ක වන්දි මුදලක් ලබා දෙන බවත්, ආදළ වන්දි මුදල ලබා ගැනීමට, හැකි ඉක්මනින් එම අයදුම්පත්‍රය පුරවා කෘෂි පර්‍යේෂණ සහකාර නිලධාරීන්ට හෝ ළඟම පිහිටි ගොවිජන මධ්‍යස්ථානයට ලබා දෙන්නැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධම්මික රණතුංග මහතා   ගොවිජනතාවගෙන් ඉල්ලා සිටියි.

සදුදා දින (08)  ගොවිජන මන්දිරයේදී මාධ්‍ය සාකච්ඡවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛ කාර්‍ය්යයක් ඉටු කරන මහ කන්නයේ වගා කටයුතු කඩිනමින් නැවත නගා සිටුවීම සඳහා අක්කරයකට රු. 60 000ක මුදලක්, හෙක්ටයාර් එකකට රු. 1 50 000ක සහනාධාර මුදලක් ලබා දීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සහනාධාරය ලබා ගැනීම සඳහා අවශ්‍ය අයදුම් පත්‍රය ආසන්න ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන්, කෘෂි පර්‍යේෂණ සහකාර නිලධාරීන්ගෙන් හෝ ගොවිජන සවර්ධන දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය..

මෙම ආපදාවට පෙර වී වගාවේ අවසන් අදියරයේදී ඇති වූ ආපදාවලදී සිදුවන හානි වෙනුවෙන් අක්කරයකට රු. 40 000ක මුදලක්ද, පැළ ගොයම සහිත මුල් කාලයේ ඇති වන ආපදාවලදී සිදුවන හානි වෙනුවෙන් අක්කරයකට  රු. 16, 000ක මුදලක් පමණක් ලබා දුන්නද මෙවර එම සහනාධාරය වැඩි කර ඇති බවත් පෙන්වා දුන් කොමසාරිස්වරයා, මහ කන්නය නැවත අස්වද්දන්නට ගොවි මහතුන් දිරි ගැන්වීම මෙහි අරමුණ බවද සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් හා ගංවතුර හේතුවෙන් දිවයින පුරා වගා භූමි හෙක්ටයාර් ලක්ෂයකට පමණ හානි වී ඇති බවට වාර්තා වී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

END/GONP/MMP/10122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *