කළුතර දිස්ත්‍රික්කයේ සර්ව ආගමික වැඩසටහන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

ආපදා තත්ත්වය හේතුවෙන්  කඩා වැටුණු ජන ජීවිතය  අද වන විට යම් මට්ටමකට ප්‍රකෘතිමත් කිරීමට හැකියාව ලැබී ඇති බවත්, රාජ්‍ය යාන්ත්‍රණය, පෞද්ගලික අංශය, ව්‍යාපාරික ප්‍රජාව, ජාත්‍යන්තර සහාය සහ  ස්වේච්ජා සංවිධානවල  කැපකිරීම මත තවදුරටත් ජන ජීවිතය  නගා සිටුවීමට අවශ්‍ය  සියලු ක්‍රියාමාර්ග ගන්නා  බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත්ව යළි ගොඩනැගෙන මව්බිම වෙනුවෙන් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම ඊයේ (09) උදෑසන කළුතර ඓතිහාසික බෝ සමිඳුන් අබියස දී  පැවති අතර, මෙම බෝධි පූජා පින්කමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පීඩාවට පත් වූ  මෙරට  ජනතාවට සෙත්සුව ප්‍රාර්ථනා කිරීමට මෙන්ම වියෝවූ මෙරට ජනතාවට  පිං අනුමෝදන් කිරීම අරමුණ කරගනිමින් සමස්ත දිවයින පුරා විවිධ ස්ථානවල බෞද්ධ,කතෝලික,ඉස්ලාම්,හින්දු සර්ව ආගමික ආශිර්වාද පිංකම්  මාලාවක් පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර එහි ජාතික මට්ටමින් පැවැත්වෙන ආශිර්වාද බෝධිපූජා පිංකම ප්‍රමුඛ ආගමික වැඩසටහන ඊයේ (09)  පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත වූ අතර එයට සමගාමීව, කළුතර දිස්ත්‍රික්කයේ  සර්ව ආගමික වැඩසටහන්  ද සංවිධානය කර තිබේ.

END/GONP/MMP/10122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *