ආපදාවෙන් හානියට පත් වූ ගොවි බිම් සදහා රු.150000 සිට දීමනා
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර හා නායයෑම් නිසාවෙන් ආපදාවට ලක් වූ ගොවි බිම් සදහා රජය මගින් වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම ,පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා මාධ්‍යට කරුණු දක්වමින් පැවසීය.
වගා කර ඇති හෙ.615000 ක වී වගාවෙන් හෙ.108000 කුත්,බඩඉරිඟු හෙ.87244 න් හෙ.6600 කුත්,අනෙකුත් ක්ෂේත්‍ර බෝග හෙ.27600 න් හෙ.11000 කුත්.උඩරට එළවලු හෙ.5893 කින් හෙ.21613 කුත්,පහතරට එළවලු හෙ.8990 කින් හෙ.3530 ක් ලෙස පූර්ණ වශයෙන් හානියට පත්ව ඇත.
ඒ අනුව ආපදාවෙන් හානියට පත් වූ කුඹුරු හෙ.1 සදහා රු.150000 ක්, බඩඉරිඟු හා ක්ෂේත්‍ර බෝග හෙ.1 සදහා රු.150000 ක්,එළවලු හෙ.1 සදහා රු.200000 ක් ලෙස වන්දි මුදල් ලබා දීමට නියමිතය.
හානි වූ ගොවිබිම්වල තොරතුරු ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් මගින් පත්‍රිකා ඔස්සේ ලබා ගැනෙන බවත්,ගොවි මහතෙකුට මේ සම්බන්ධයෙන් කිසියම් හෝ ප්‍රශ්නයක් ඇත්නම් 1918 ක්ෂණික දුරකථන අංකයට ඇමතීමට කටයුතු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
END/GONP/MMP/10122025
