ආපදාවෙන් බලපෑමට පත් වූ දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්!

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් වූ දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සජීව නන්දන කනකරත්න මහතා පැවසීය.

ඔහු මේ බව සදහන් කළේ සදුදා (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

ඒ අනුව දුම්රිය මගීන් වෙනුවෙන් නුවර දුම්රිය ස්ථානයෙන් උදෑසන 4.00,4.15,4.30 ට බස් රථ 3 ක් හා කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් උදෑසන 5.00,5.15,5.30 ට බස් රථ 3 ක් කොළඹ බලා ධාවනය වන අතර නැවත කොටුව දුම්රිය ස්ථානයෙන් නුවර බලා හවස 4.45,5.15,6.00 ට හා කුරුණෑගල බලා හවස 4.45,5.30,6.15 ට ධාවනය වේ.

එමෙන්ම රඹුක්කන – අඹේපුස්ස බස් රථ 2 ක් ,අලව්ව – අඹේපුස්ස බස් රථ 2 ක්,කෑගල්ල – අඹේපුස්ස බස් රථ 1 ක් ලෙස විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක වන අතර සාමන්‍යයෙන් ධාවනයේ යෙදෙන බස් රථ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ධාවනයේ යෙදෙන බවත් පැවසීය.

තවද දුර ගමන් සේවා සඳහා විශේෂ අවධානයක් දක්වා ඇති අතර මධ්‍යම පළාත තුළ මහනුවර සිට නුවරඑළිය ,බදුල්ල ගමනාන්තය හැරුණු කොට අනෙකුත් මාර්ග භාවිතයේ පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා එක් වූ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්.කන්ඩම්බි මහතා පවසා සිටියේ ආපදාව නිසා හානියට පත් වූ මාර්ග කොටස් 315 න් 284 ක් යථා තත්වයට පත් කර ඇති  අතර පාලම් 40 න් 12 ක් තාවකාලික නඩත්තු කටයුතු සිදු කරමින් වැඩ අවසන් කර ඇති බවයි.

END/GONP/MMP/10122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *