දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කිරීමට නියමිතයි.
ඒ අනුව පළාත් මට්ටමින් පාසල් යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව සඳහන් කළේ.
පවතින තත්ත්වයත් සමඟ පාසල් ආරම්භය මේ මස 16 වැනිදා දක්වා කල් දැමුණා.