ගුවන් නියමු කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතාට ජනාධිපතිතුමා අවසන් ගෞරව දක්වයි
විපතට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතුවල නිරත වෙමින් සිටියදී , වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවා වන ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.
අද (04) උදෑසන ගෲප් කපිතාන් සියඹලාපිටිය මහතාගේ දේහය තැන්පත් කර ඇති රත්මලානේ පිහිටි නිවසට ගිය ජනාධිපතිතුමා ගුවන් නියමුවාට, ඔහුගේ බිරිදට, දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට මෙන්ම පවුලේ අනෙකුත් අයට ද සිය හෘදයාංගම ශෝකය පළ කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
